Sunday, May 17, 2020

කොටස් අංක 1 - නර්තනය හැඳින්වීම

ර්තනය යනු ?

 

              ඉංග්‍රීසියෙන් DANCE යනු සිංහලයෙන් "නැටුම්" යන පදයට ලැබී ඇති සමානාර්ථයයි. එහෙත් ඉංග්‍රීසි තුල සම්භව් අර්ථයෙන් ව්යවහාර වන වචනයට සිංහල සමාජයේ ලැබී ඇති අවමානත්මක අර්ථය නිසා එය ශාස්ත්රීය වශයෙන් හැඳින්වීමට "නර්තනය"යන පදය ව්යවහාර කරමු.

 

              " නර්තනය යනු, රිද්මයානුකූල චලනයයි " බොහෝ දෙනා ප්‍රකාශ කළහ. නමුත් පසුකාලීනව මහාචාර්ය මුදියන්සෙ දිසානායක මහතා "නර්තන වාග් කෝශයේ" නර්තනය යනු යම්කිසි අර්ථයක් ප්රකාශ වන පරිදි හෝ නොවන පරිදි තාලනුකූලව හෝ තාලනුකූල නොවන පරිදි ශරීරයේ අංග, ප්‍රත්‍යාංග, උපාංග චලනය කරමින් කිසියම් හැඩතල රූප සමූහයක් ශරීරය මාධ්‍ය  කොට දැක්වීම ලෙස හඳුන්වා දී ඇත.

 

                ජීවිතයේ යම් යම් අවස්ථාවන්වල දී පුද්ගලයන්ගේ චිත්ත සන්තානයේ ඇති වන මනෝභාවයන් ශාරීරික හැසිරීම් හරහා පිටතට ප්රදර්ශනය වේ. අධික සතුටක් ලැබූ අවස්ථාවක් සිහියට නඟා ගන්න. එහිදී ඇති වන මානසික ප්රතික්රියාව කායික ක්රියාවන්ට නැඟී ප්රදර්ශනය වේ. සතුටින් ඉල්පෙමින් උඩපනිමින් අත් පා චලනය කරමින් එම සතුට ප්රදර්ශනය වන්නේ තමන්ටද නොදැනීමය. මෙයට ර්නය යන පදය භාවිත කල නොහැකි වූව මෙය නර්තනයේ ආරම්භක අවස්ථාවයි. ඉහත ක්රියාවලිය ස්වාභාවික මානුශීය ක්රියාවලියක් වුව , එම චලන රිද්මයකට අනුකූලව සිදුවන විට එය නර්තනයක් බවට පත් වේ.

                        Exclusive Kandyan dance performance | Experiences in Kandy                           

                    අත්පුඩි තැලීම, ඇඟිල්ලකින් හෝ ඇඟිලි කීපයකින් යමකට ලතාවකට තැලීම රිද්මය මිනිස් සිරුරින් නිපද වූ අවස්ථාවන්‍. ගැසීම, තට්ටු කිරීම, තැළීම ආදිය සිදු වන්නේ එක්තරා නියමිත තාලයකටය. මිනිසාගේ දියුණු වීමත් සමඟ මෙම තාල තැබීම් සඳහා විවිධ උපකරණ නිපදවීය. පසු කාලීනව ඒ සඳහා අවනද්ධ භාණ්ඩ මෙන්ම කල්‍ යත්ම බටනලා වැනි සුශිර භාණ්ඩද ප්‍රයෝජනයට ගැනිණ. ප්‍රාථමික සරළ සමාජවලින් හටගත් මූලික නර්තනයේ ආරම්භය මිනිසා ශිෂ්ටත්වයට පත් වීමත් සමඟ දියුණු භාවයට පත් කර ගත් හ.  මේ නිසා නර්තනය නමින් ඉදිරිපත් කෙරෙන රිද්මයානුකූල අංග. ප්‍රත්‍යාංග, උපාංග චලනය කිරීමෙන් භාව ප්‍රකාශනය මඟින් ඇති කෙරෙන ප්‍රතිඵලය වැඩි කිරීම සඳහා බෙර ආදී අවනද්ධ භාන්ඩ ද ගායනය ද භාවිතයට ගැනිණ. 

 

                     ක්රිස්තු වර්ශ පළමු වැනි ශතවර්ශයේදී ඉන්දියාවේ විසූ භරත මුනිවරයාණන් විසින් රචිත නාට් ශාස්ත්රය නම් ග්රන්තයේ මෙම විශය ගැන යම් අර්ථ විග්රහයක් දක්නට තිබේ. නෘත් ධාතුවෙන් බිඳෙන පද තුනක් එහිදී දක්වා තිබේ. එනම නෘත්ත, නෘත්‍ය, නාට් යනුවෙනි. මෙයින් නාට් යනු ඉංග්‍රීසියෙන් DRAMA  යන විෂයට අදාළ පදයයි. එය නැටුම යනුවෙන් හදුන්වන විශයට අදාළ නොවේ. එහෙත් නෘත්‍ය යන පදය අපගේ විශයට බොහෝ සෙයින් අදාළ වන්නකි.

 

                      ඉන්දියාවෙ හින්දු ආගමට අනුව නර්තනය දේවත්වයෙන් අදහන විෂයකි. විශ්වයේ නිර්මාතෘවරයා, නටරාජා හෙවත් "නර්තනයට අධිපති" බවට පත් කර ඇත්තේ නිසාය. ලංකාවේ ද නර්තන කලාව ප්රගුන කරන්නන් එය දේවත්වයෙහිලා සැලකුව ද වර්තමානයේ ප්රසිද්ධ මාධ්යයේ කරනු ලබන ඇතැම් නර්තන විකෘති ඉදිරිපත් කිරීම් නිසා එම ගෞරවනීය භාවයට හානි සිදු වී තිබෙන බව පෙනීමට තිබේ.

 

                      කෙසේ වෙතත් අවසානයේ විග්‍රහ කර බලන කල්හි නර්තනය යන පදයෙන් අර්ථ කථනය කෙරෙන්නේ "රිද්මයකට අනුකූලව කායික අඟ පසඟ චලනය කිරීමෙන් භාව ප්රකාශනය කිරීමයි". එවැනි ප්රකාශනයක යෙදෙන්නා "නර්තන ශිල්පියාය"

                                                                                                               The Ves Dancers – an expression of Sri Lankan culture

No comments:

Post a Comment

filtering