Sunday, May 17, 2020

කොටස් අංක 2 - උඩරට නර්තන සම්ප්‍රදාය

                                   උඩරට නර්තන සම්ප්‍රදාය


           ඕලන්ද පාලකයන් විසින් ශ්‍රී ලාංකිකයින් භේදභින්න කිරීම සදහාත් ඒ තුළින් පරිපාලනය පහසු කර ගැනීම උදෙසාත් ලංකාව උඩරට හා පහතරට වශයෙන් බෙදා වෙන් කිරීම ආරම්භකල බව සදහන් වේ. එහිදී ලංකාවේ උඩරට යැයි හදුන්වනු ලබන මහනුවර, උඩිනුවර, යටිනුවර, දුම්බර ,හාරිස්පත්තුව, සත්කෝරළය , සතරකෝරළය ආදී කන්ද උඩරට ප්‍රදේශ පුරා ව්‍යාප්තව එන නර්තන සම්ප්‍රදාය උඩරට නර්තන සම්ප්‍රදාය ලෙස හැදින්විය හැකිය. තත් ප්‍රදේශ හා තදානුබද්ධව නුවර කලාවිය (අනුරාධපුර දිස්ත්‍රික්කය) පොළොන්නරුව හා ඌව වෙල්ලස්ස පමණක් නොව මේ වන විට ලංකාවේ වඩාත් ජනප්‍රිය හා බහුතරයක් අතර ප්‍රකටව ඇති සම්ප්‍රදායක් ලෙස උඩරට නර්තන සම්ප්‍රදාය හැදින්විය හැකිය.
               
             විවිධ නාදමාලා ඇතුලත් සාම්ප්‍රදායික ගායන ක්‍රම දැකිය හැකි මෙකී සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ගැට බෙරයයි. මෙය උඩරට බෙරය, මගුල් බෙරය යන නම්වලින් ද හදුන්වමින් සුභ නැකැත්වල වාදන කටයුතුවලදී අමතක නොකෙරෙන වාදන භාණ්ඩයක් ලෙස භාවිත කෙරේ.
             
              විවිධ තිත් ක්‍රම භාවිත කරමින් තාලය පදනම් කොට අඩ තිත, තාල තිත, පූර්ණ තිත, මූලාන්ත තිත, මධ්‍ය තිත, ඛණ්ඩිලම් තිත, ඛණ්ඩ තාල තිත නමින් හැදින්වූ පැරැණි තිත් ක්‍රමයක් ඇත. මාත්‍රා අන්තර්ගත වූ ගණිතමය මිණුම් දණ්ඩක් මත සකස් වූ නර්තන අංගයන්ගෙන් සැදුම් ලද්දකි. සුළු, මැදුම්, මහ යන තිත් ප්‍රභේද මූලිකව ගෙන නර්තනය කිරීම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි.

               උඩරට නනර්තන සම්ප්‍රදායේ කෝෂ්ඨාගාරය ලෙස සැලකෙන ප්‍රධානතම ශාන්තිකර්මය කොහොඹා යක් කංකාරිය ශාන්තිකර්මය වේ.ඊට අමතරව වලියක් මංගල්‍යය, කඩවර කංකාරිය, කොටහළු යාගය, කිරි ඉතිරුම් මංගල්‍යය, බත්මාලා පිදීම, ගොටු පහදීම, පන්දම් දොළහ දීම, උඩයකුන් නැටීම, සතුරු මංගල්‍යය, මුට්ටි නැටීම, පිටියේ දෙවි වැදීම, අංකෙළිය, පොල්කෙළිය, ගම්මඩු, ගිණිමඩු වැනි ශාන්තිකර්ම රාශියක් ද ග්‍රහයන් සදහා සුවිශේෂ කරනු ලබන බලි ශාන්තිකර්මය ද උඩරට සම්ප්‍රදායයේ විශේෂ වේ.

                මහනුවර යුගය ගත්කල උඩරට නර්තන සම්ප්‍රදාය ප්‍රචලිත වූ ප්‍රධානතම සාධක ලැබෙන යුගයක් ලෙස නම් කළ හැකිය. රජමාලිගය ආශ්‍රිත කවිකාර මඩුවෙන් බිහිවූවා සේ සැළැකෙන වන්නම්, ශෘංගාරය ශ්‍රී  නාමය රත්නාලංකාරය වැනි ප්‍රශස්ති, හටන් කවි, පන්තේරු, උඩැක්කි ගායනා, නර්තන වාදන වඩාත් ව්‍යාප්ත වූ කාලයකි. ගායනයට අමතරව නර්තනයේදී තානම, කවිය, මාත්‍රය, කස්තිරම සීරුමාරුව, අඩව්ව උඩරට සම්ප්‍රදායේ වන්නමකට ආවේණික වූවකි.ආගමික පසුබිම මුල්කොට ගෙන වෙහෙර විහාර ආශ්‍රිතව වාදන සම්ප්‍රදායයක් ද ගොඩනැගුනු අතර පංචතූර්ය වාදන, පෝය හේවිසි වාදන ආදිය මෙහි දී දක්නට හැකිවේ.


Your Wedding – Wedding Service Providers in Sri Lanka

              උඩරට නර්තන සම්ප්‍රදායේ ඇදුම් කට්ටල කිහිපයක් ඇති බව ඒ පිළිබඳ විමසීමේදී පැහැදිලි කරගත හැකිවේ.මලය රජුගේ ඇදුම් කට්ටලය ලෙස ජනප්‍රවාද ගත වෙස් ඇදුම් කට්ටලය මෙහි ප්‍රධාන ඇදුම් කට්ටලයයි. වෙස් බැදීමේ චාරිත්‍රයද උඩරට නර්තන සම්ප්‍රදායේ අතිශයින් වැදගත් වූ අවස්ථාවකි. හිස වෙස් බැදීමට ප්‍රථම ආධුනික නර්තන ශිල්පියෙකු සැරසෙන්නේ නෛඅඩි ඇදුම් කට්ටලයෙනි. එහිදී හිසට සුදු පැහැ ජටාවක් පමණක් අදිනු ලැබේ. උඩරට නර්තන ශිල්පයේ ප්‍රවීණතවයට පත්වන්නා සැරසෙන්නේ මෙම සුවිශේෂී වෙස් ඇදුම් කට්ටලයෙනි. කොහොඹා කංකාරි ශාන්තිකර්මයේ දී එහි නර්තන පෙළ හැසිරවීමේදී මුල්යක්දෙස්සාගේ සිට පසුකාලීනව වෙස් බැදි ශිල්පියා තෙක් නර්තනයේ ඉදිරිපත් කිරීමේ දී පෙළ ගැසේ. ඒ අනුව ශිලපියෙකු වීමේ අවස්ථා කීපයකට වෙන් කෙරේ.
ආධුනික කාලය
නෛඅඩි නටන කාලය
වෙස් නටන කාලය
කංකාරි නටන කාලය
එමෙන්ම සුවිශේෂී වූ අනන්‍යතා ලක්ෂණවලින් විශද වූ නර්තන, ගායන, වාදන ව්‍යූහයන් මෙහි අන්තර්ගතව ඇත.

            උඩරට නර්තන සම්ප්‍රදායේ වන්නම් 18කි.
1. හනුමා වන්නම
2. වෛරොඩි වන්නම
3. නෛඅඩි වන්නම 
4. ගාහක වන්නම 
5. ගජගා වන්නම 
6. තුරගා වන්නම 
7. සැවුලා වන්නම 
8. සුරපති වන්නම 
9. මයුරා වන්නම 
10. සිංහරාජ වන්නම 
11. මුසලඩි වන්නම 
12. උකුසා වන්නම 
13. අසදෘශ වන්නම 
14. උරගා වන්නම 
15. කිරලා වන්නම 
16. ඊරඩි වන්නම 
17. ගණපති වන්නම 
18. උදාර වන්නම 
                                       එකී වන්නම් 18 වේ.

           අධ්‍යාපනික වශයෙන් 1943 ආරම්භ කළ නර්තන අධ්‍යාපනයට ප්‍රථමයෙන් ඉගැන්වූයේ උඩරට නර්තනයයි. උඩරට නර්තන සම්ප්‍රදාය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියවලිය ගත් කළ වඩාත්ම ප්‍රචලිත නර්තන සම්ප්‍රදාය වී තිබේ. මෙකී සම්ප්‍රදාය වර්තමානයේ නූතන ප්‍රාසංගික වේදිකාව හරහා වඩාත් නිර්මාණාත්මකව ප්‍රචලිත වී ඇති බව ගම්‍ය වේ.
              
ජායාරූප 

ප්‍රධාන වාද්‍ය භාණ්ඩය, ගැට බෙරය

             Traditional Music instruments - Sri lanka    Kandyan Drumming cultural features - Famous Cultural Features in ...

වෙස් නර්තන ශිල්පීන් සහ නර්තන අවස්ථා 


The 5 Vibrant Traditional Dances in Sri Lanka | History & Cultures       Sri Lankan Traditional Dance (Kandyan Dancing) | Sri Lanka Economy ...



2 Weeks in Sri Lanka - The Ultimate Itinerary for Solo Backpackers    Sri Lankan Folk Dance-classical dance in Sri Lanka














No comments:

Post a Comment

filtering